ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 94 දක්වා ඉහළට

Tuesday, 24 November 2020 - 21:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 4ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ යනවා.

මේවන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 20967ක් හමුවී ඇති අතර සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති සංඛ්‍යාව 14962ක්.

5911 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අද වාර්තාවූ මරණවලින් එක් පුද්ගලයෙක් ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.

ඔහු බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 22 වනදා මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග පාචන රෝගී තත්වයක් හේතුවෙන් ඇතිවූ ආසාදන තත්වයෙන් බහු අවයව අක්‍රිය වීමයි.

සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මියගිය පිරිස අතර වනවා.

ඔහු කොළඹ ජාතික රෝහලේදී පසුගිය 22 වනදා මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගයක් කොවිඩ් 19 ආසාදනය සමග උත්සන්න වීමයි.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 73ක කාන්තාවක් ද මරණයට පත්ව තිබෙනවා.

 ඇය කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳුනාගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරුකර යවා තිබු අයෙක්.

එම රෝහලේදී මියගොස් ඇත්තේ අද වන අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ ආඝාතනය සහ කොවිඩ් 19 නිව්මෝනියාවයි.

මියගිය අනෙක් පුද්ගලයා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

පානදුර මූලික රෝහලේ සිට අයි.ඩී.එච් රෝහල වෙත මාරුකර එවා ඇති අතර එම රෝහලේදී අද මරණයට පත්ව තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග නිධන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම සහ මොළය ඉදිමීමේ රෝගයයි.