නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති නිවාර් සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වී දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ත්, 100ත් අතර අගයක් ගනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසයි දැනුම් දෙන්නේ.