ජගත් ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති නවසින්තයෙන්

Wednesday, 25 November 2020 - 9:55

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ජගත් ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නවසිලන්ත ක්‍රිකට් ප්‍රධානි ග්‍රෙග් බාක්ලේන් පත් වී තිබෙනවා.

ඒ පසුගිය ජූලි මාසයේ දී එම ධූරයෙන් ඉවත් වූ ඉන්දියාවේ ශශාන්ක් මනෝහාර් වෙනුවෙන්.

නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති ජන්ද විමසීමේදී ග්‍රෙග් බාක්ලේන් හමුවේ පරාජයට පත් වූයේ මෙතෙක් වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් කවාජායි.

පසුගිය සතියේ පැවති පළමු වටයේ ජන්ද විමසීමේ දී ග්‍රෙග් බාක්ලේන් ජන්ද 10ක් හිමිකර ගෙන තිබූ අතර කවාජා ලබාගෙන තිබුණේ ජන්ද 6ක් පමණයි.

කෙසේ වෙතත් සභාපතිවරයා ලෙස තේරී පත් වීමට නම් ජන්ද විමසීමේදී තුනෙන් දෙකක බහුතර ජන්ද බලයක් ලබාගත යුතුයි.

එනම් අයි. සී. සී මණ්ඩලයේ සාමාජිකයින් 16 දෙනාගෙන් ජන්ද 11ක් ලබා ගන්නා පුද්ගලයාටයි ජන්ද විමසීමෙන් ජය හිමි වන්නේ.

ඒ අනුව දෙවන වටයේ ජන්ද විමසීමේදී ග්‍රෙග් බාක්ලේන් තීරණාත්මක 11 වන ජන්දය හිමි කර ගත්තේ  දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ ජන්දය තමා වෙත හිමි කර ගනිමින්.