පුතුගේ පහරකෑමට ලක්වූ පියා රෝහලේ

Wednesday, 25 November 2020 - 10:27

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
තම වැඩිමහල් දරුවා සහ ඔහුගේ මිතුරන් පිරිසක් එක්ව සිදු සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු අද (25) අළුයම මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ අරාව පින්නගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.

අවුරුදු 19 ක් වයසැති තම දරුවා ඇතුලු පිරිසක් සමග අද අළුයම තෙක්  කොන්ත්‍රාත් වැඩපලක සේවය කර ආපසු එමින් සිටියදී මිතුරන් පිරිසක් සමඟ ත්‍රීවීල් රථයකින් පැමිනි දරුවා තමුන්ට අතින් පයින් හා පොලු වලින් පහර දුන් බව තුවාලකරු ප්‍රකාශ කර තිබෙනවා.

පහර දීමට හේතුවක් නොමැති බවත් නිතර නිතරම තමුන්ට පහර දෙන බව දරුවා පැවසුවද එය විහිළුවක් යැයි තමා සිතූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
 
අද (25) උදෑසන වන තුරුත් සිද්ධීය සම්බන්ධ කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලීසිය පරීක්ෂණ පවත්වන  බවත් අප වාර්තාකරු ප්‍රකාශ කරනවා.