ඊයේ වැඩිම ආසාදිතයින් කොම්පඤ්ඤවීදියෙන් (වීඩියෝ)

Wednesday, 25 November 2020 - 13:24

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඊයේ දිනයේ වාර්තාවූ ආසාදිතයන් 458 දෙනා අතරින් 259 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.

ඉන් 90 දෙනෙකුම වාර්තාවන්නේ කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයෙන්. ආසාදිතයන් 44 දෙනෙකු කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවලින් වාර්තාවී ඇති අතර, 39 දෙනෙකු මරදාන ප්‍රදේශයෙනුත්, 26 දෙනෙකු ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයෙනුත්, 23 දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම දෙමටගොඩින් 21 දෙනෙකුද ඊයේ වාර්තාවූ බවයි  කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.