මහනුවර නගර සීමාවේ පාසල් 45 ක් වසයි (වීඩියෝ)

Wednesday, 25 November 2020 - 16:24

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+45+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් මහනුවර මහ නගර සභා සීමාවට අයත් සියලුම පාසල් හෙට සිට ලබන මස 4 වනදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මහයියාව සහ අකුරණ යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ මෙම තීරණය ගත් බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහනුවර අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.  

තෙවන වාරය සඳහා පාසල් ආරම්භ වී තුන්වන දිනය වන අද දිවයිනේ ප්‍රදේශ රැසක සිසුන් සැළකිය යුතු පිරිසක් පාසල් වෙත පැමිණ තිබුණේ නැහැ.

පළමු දිනට සාපේක්ෂව දෙවන දිනය වූ ඊයේ සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබුණද අද දිනයේදී සිසුන්ගේ පැමිණීම සැළකිය යුතු ලෙස පහල වැටී තිබූ බවයි වාර්තා වුණේ.

කොවිඩ් 19 ආසාදනය වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ මාපිය යුවලකගේ දරුවන් පැමිණි අම්බලන්ගොඩ ප්‍රධාන පෙළේ පාසල් දෙකේද  සිසුන්ගේ පැමිණීම කැපී පෙනෙන ලෙස අඩු වී තිබුණා.

ඉන් එක් පාසලකට කිසිදු දරුවෙකු පැමිණ නොතිබූ අතර, අනෙක් පාසලට ළමයින් අටදෙනෙකු පමණක් පැමිණ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර කොරෝනා වසංගත තත්වයත් සමඟ නිසි ක්‍රමවේද අනුගමනය නොකරමින් පාසල් ආරම්භ කිරීම හරහා ගුරුවරුන් අතරද කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බව අද (25) පැවති මාධ්‍ය හමුවලදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ සිසුන් ප්‍රවාහනය කිරීමේදී පොදු ප්‍රවාහන සේවය ඇතැම් ප්‍රදේශවලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන බව නිරීක්ෂණය කර ඇති බවයි.

කෙසේ වෙතත් පාසල් සිසුන් අවමවීම හේතුවෙන් හෙට සිට ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසන්න කියා සිටියා.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය අවම ප්‍රදේශවල පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories