හෙරොයින් කිලෝ 100 ක් ඇතුලු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට යාත්‍රාවක් ඉන්දීය මුහුදේදී අත්අඩංගුවට

Wednesday, 25 November 2020 - 17:02

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට යාත්‍රාවක් තූත්තුකුඩියට දකුණින් වන ගැඹුරු මුහුදේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දින 9 ක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව අද (25) අත්අඩංගුවට ගත් මෙම යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් හයදෙනෙකු සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් “ෂෙනායා දුව” නැමති යාත්‍රාවේ සිටි පුද්ගලයින් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ පාකිස්ථානයේ කරච්චි නුවරට ආසන්න ගැඹුරු මුහුදේදී එරටට අයත් නෞකාවකින් අදාළ මත්ද්‍රව්‍ය තොගය තම යාත්‍රාවට ලබාදුන් බවයි.

ඒවා ඕස්ට්‍රේලියාව ඇතුලු බටහිර රටවලට ප්‍රවාහනය කරමින් තිබූ බව ඔවුන් සඳහන් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories