“නිවාර්” තමිල්නාඩුවට

Wednesday, 25 November 2020 - 20:54

%E2%80%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E2%80%9D+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7
“නිවාර්” සුළි කුණාටුව හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මාමල්ලපුරම් ප්‍රදේශයට ධාරාණිපාත වැසි ඇද හැලෙමින් පවතින බව ඉන්දීය වාර්තා සඳහන් කළා.

මෙම සුළි කුණාටුව ප්‍රචණ්ඩ කුණාටුවක් දක්වා වර්ධන වන බවට එරට කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවා ඇති අතර, චෙන්නායි ඇතුළු තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 13ක් හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි තමිල්නාඩු මහ ඇමති ඊ. පලනිස්වාමි කියා සිටියේ.