එල්.පී.එල්. සඳහා ඇන්ජලෝගේ සූදානම

Wednesday, 25 November 2020 - 21:07

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8
හෙටින්(26) ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පන්දු යැවීම සඳහා තමා සූදානමින් පසුවන බව කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඒ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදීයි.

පසුගිය මාස 8ක පමණ කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට බාධා සිදු වුවද තමා සිය ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් එම කාලයේ දී යොමු කළ බවයි මැතිව්ස් කියා සිටියේ.

මෙහිදී අදහස් දැක්වූ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා  කියා සිටියේ මේ වන විට සිය ආබාධ තත්ත්වයන් සුව අතට පත්ව ඇති බවත්, කඩුලු‍ රැකීමට අමතරව ආරම්භක පිතිකරුවෙකු ලෙස මෙවර තරගාවලියට එක්වන බවයි.