ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 96 දක්වා ඉහළට

Wednesday, 25 November 2020 - 23:41

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+96+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 45ක කාන්තාවක් සහ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

කාන්තාව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර කොළඹ ජාතික රෝහලේදී පසුගිය 23 වනදා මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇතිවූ අධික රුධිර පීඩනයයි.

මියගිය පිරිමි පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී අද මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග උග්‍රවූ අක්මා රෝගී තත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories