අකුරණ ගම් දෙකක් සහ බණ්ඩාරගම ගම් තුනක් හුදකලා කරයි

Thursday, 26 November 2020 - 8:07

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලුගහතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කිරීමට ඊයේ පියවර ගත්තා.

මීට අමතරව බණ්ඩාරගම පොලිස් වසමේ අටළුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම්ද ඊයේ සිට හුදකලා කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හමුවීමත් සමඟ සෞඛ්‍ය අංශ විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

එම ප්‍රදේශවලට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඞ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීථිය, වේල්ල වීථිය, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, මෝදර සහ මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශ හුදකලාකිරීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම බොරැල්ල, පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසමද මීට පෙර නැවත දැනුම්දෙන තුරු හුදකලා කරනු ලැබුවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, වත්තල, පෑලියගොඩ, කැළණිය සහ රාගම යන පොලිස් බල ප්‍රදේශ ද නැවත දැනුම් දෙන තුරු හුදකලා තත්ත්වයේ පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

හුදකල කරන ලද ප්‍රදේශවල ජනතාවට අමතරව කොළඹ තවමත් හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ අටක ජනතාවට අවශ්‍ය ආහාර ඇතුලු අත්‍යවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා සියලු කටයුතු සිදුකරමින් පවතින බවයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ කියා සිටියේ.

මේ අතර මෙතෙක් හුදකලා කර තිබූ බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම ඊයේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවයි යුද හමුදාපති ලුතිනන්  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.