උතුරේ නීතිවිරෝධී සැමරුම් බෑ - පොලීසිය

Thursday, 26 November 2020 - 12:59

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකර උතුරු පළාතේ සෑම නිවසකම හෙට දින පහනක් දල්වන ලෙසට දෙමළ පක්ෂ නියෝජිතයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ උතුරේ කිසිදු සැමරීමක් සිදුකිරීමට අවස්ථාවක් නොමැති බවත්, එසේ කළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවයි.

එමෙන්ම යාපනය සහ මුලතිව් ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම වළක්වාලමින් යාපනය සහ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විසින් ද ඊයේ වාරණ නියෝග නිකුත් කළා. නමුත් දෙමළ පක්ෂ නියෝජිතයින්, යාපනය ප්‍රදේශයේ ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, අනතුරුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, පිරිස් ඒකරාශි කරගනිමින් මහවිරු සැමරුම් පැවැත්වීම අධිකරණය තහනම් කර  තිබෙන නිසා අදාළ ඉල්ලීම සිදුකරන බවයි.

මෙම සාකච්ඡාවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික පක්ෂයේ ලේකම් එම්.කේ. සිවාජිලිංගම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම උතුර පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. ශිවඥානම් ද එක්ව සිටි බව හිරු වාර්තාකරු කියා සිටියා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කළේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් සමරා කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට සැමරීම් සිදුකිරීමට අවස්ථාවක් ලබා නොදෙන බවයි.