කල්මුණේ සියළු පාසල් හෙට සිට සතියක් වැසේ (වීඩියෝ)

Thursday, 26 November 2020 - 14:38

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට(27) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එම ප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ මෙම තීරණය ගත් බවයි නැගෙහිරපළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සදහන් කළේ.

අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 20 දෙනෙකු සහ සයින්දමරදු ප්‍රදේශයෙන් කොරෝනා රොගියෙකු මෙලෙස හමුවී තිබුණා.

ඊයේ දිනයේදී මහනුවර නගර සීමාවේ සියළුම පාසල් ද සතියක කාලයකට වසා දැමීමට බලධාරීන් කටයුතු කළේ කොරෝනා වෛරස අවදානම හේතුවෙන්.

එමෙන්ම, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ද සියළුම පාසල් මේ වන විට වසා දමා තිබෙනවා.

මේ අතර, රත්නපුර - කිරිඇල්ල ප්‍රදේශයේ පාසලක් ද අද තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ පාසලේ 9 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මවකට කොරෝනා ආසාදනය වීම ඊට හේතුව බවයි.

ඒ අනුව සිසුන් පිරිසක් නිරෝධානයට ලක් කර ඇති අතර, විදුහල්පතිවරයා සඳහන් කළේ ලබන මස 10 වන දා දක්වා පාසල වසා තබන බවයි.

එසේම හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය සහයකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟ එම කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.