රාජ්‍ය ඇමතිට විරෝධය පළ කර, වනජීවි නිලධාරීන් සංකේත වර්ජනයක (වීඩියෝ)

Thursday, 26 November 2020 - 16:12

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%2C+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් වනජීවි නිලධාරීන්ට තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් දිවයින පුරා හෙට (27) දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ කරමින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදිකිරීමට සහ ගෘහස්ත ගවයන් රක්ෂිතය තුළට ඇතුළු කිරීමට ඉඩ ලබාදෙන ලෙසට තම සංගමයේ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවයි.

ඊයේ දිනයේදී වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඇතුලු පිරිසක් පොළොන්නරුව - ලංකාපුර - වෙහෙරගොඩ යාය ප්‍රදේශයට ගොස් ඇත්තේ ඒ පිළිබඳව සොයාබැලීම සඳහායි.

කෙසේ වෙතත් ඒ පිළිබඳව වනජීවී නිලධාරීන් කරුණු පැහැදිලි කිරීමත් සමඟ රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට මෙලෙස බැන වැදී තිබුණා.