ශ්රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි හාරිස්පත්තුව ප්රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 7කින් අද (26) පරාජයට පත්වුණා.
අයවැයට විරුද්ධව ඡන්ද 21ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 14ක් පමණයි.
මන්ත්රීවරුන් 37 දෙනෙකුගෙන් සමන්විත මෙම ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 19ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් 11ක්, ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් 4ක්, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්රීවරුන් 2 ක් සහ එක්සත් ජාතික පෙරමුණෙන් මන්ත්රීවරයෙකු නියෝජනය කරනවා.
අද පැවති ඡන්ද විමසීමේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 6 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් දෙනෙකු, නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් තුන් දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුණා.