ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් මහවිරු සැමරුම් තහනම් කරයි (වීඩියෝ)

Thursday, 26 November 2020 - 16:27

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

හෙට (27) සිට දින 14 ක කාලයක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 07ක මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් කරමින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය අද (26) තහනම් නියෝග නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ත්‍රිකුණාමලය මූලස්ථාන, වරාය, උප්පුවේලි, කින්නියා, පුල්මුඩෙයි, උච්චවේලි සහා නිලාවැලි යන පොලිස් බල ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් වනු ඇති.

එමෙන්ම යාපනය සහ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විසින් ද ඊයේ වාරණ නියෝග නිකුත් කළේ යාපනය සහ මුලතිව් ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම වළක්වාලමින්.

කෙසේ වෙතත්, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකර උතුරු පළාතේ සෑම නිවසකම හෙට දින පහනක් දල්වන ලෙසට දෙමළ පක්ෂ නියෝජිතයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

දෙමළ පක්ෂ නියෝජිතයින්, යාපනය ප්‍රදේශයේ ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, අනතුරුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, පිරිස් ඒකරාශි කරගනිමින් මහවිරු සැමරුම් පැවැත්වීම අධිකරණය තහනම් කර  තිබෙන නිසා අදාළ ඉල්ලීම සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories