විදුලි සැර වැදී වන අලියෙකු මරුට

Thursday, 26 November 2020 - 17:13

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පොලොන්නරුව වනජීවී කලාපයට අයත් ඇළහැර වනජීවී අඩවි බලප්‍රදේශයේ සැරිසැරූ වන අලියෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (25) බකමූණ,කරඳගොල්ල ප්‍රදේශයේ ඉඩමක ආරක්ෂාවට ඇද තිබූ විදුලි ‍රැහැනක ගැටී එලෙස මිය ගොස් ඇති බවයි වනජීවී කලාප කාර්යාලය ප්‍රකාශ කළේ.

එම වන අලියාගේ මරණයත් සමඟ පොලොන්නරුව කලාපයේ මෙම වසර තුළ වන අලි මරණ 45ක් සිදුව ඇති බව වාර්තා වනවා.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇළහැර අඩවියෙන් සතියක් තුළ මියගිය දෙවන වන අලි මරණය බව සඳහන්.