ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම 30 වන දා (වීඩියෝ)

Thursday, 26 November 2020 - 17:23

%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+30+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති  මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 30 වන දා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියෝග කෙරුණා.

 ඒ, මෙම පෙත්සම් බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.  

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදී ඉල්ලා සිටියේ පෙත්සම්වලින් ඉල්ලා තිබෙන සහනය හදිසි කටයුත්තක් සේ සලකා අද දිනම මෙය සලකා බලන ලෙසයි.

එහෙත් අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නියමිත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්වී සිටීම හේතුවෙන් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි නිසා පෙත්සම සලකා බැලීම වෙනත් දිනයකට කල් දමන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙවැනි පෙත්සමක් සලකා බැලීමේදී සියළු පාර්ශව අධිකරණය හමුවේ පෙනී සිටීම වැදගත් බව පෙන්වා දුන් විනිසුරු බුවනෙක අලුවිහාරේ එය සලකා බැලීම 30 වන දා දක්වා කල් දමන බවයි සඳහන් කළේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මිය ගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශව 11ක් විසින් මෙම මූලික අයිතිවාසිමක් පෙත්සම් ගොනු කර තිබෙනවා.

මේ අතර, කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර ඉල්ලා කොළඹ මහනගර සභාවේ සියළු මුස්ලිම් මන්ත්‍රීවරුන් අද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි හමුවීමට පැමිණියා.