බදුල්ලේ බස් රථ අනතුරකින් 16ක් රෝහල් ගත කරයි (වීඩියෝ)

Thursday, 26 November 2020 - 18:08

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+16%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (26) සවස 4.00 ට පමණ දුන්හිද පහළ වංගුවේ මත්පැන්සැලක් ඉදිරියේදී වේල්ලක ගැටී අනතුරකට ලක්ව තිබෙනවා.

එහි ගමන් ගත් මගීන් 16 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි බදුල්ල පොලීසිය ප්‍රකාශ කළේ

අනතුරෙන් තුවාල ලැබූවන් අතර හිමි නමක් සහ කාන්තාවන් 4 දෙනෙක්ද සිටින බව සඳහන්.

කෙසේ වෙතත් එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය පාලනය කරගැනීමට නොහැකිව, එහි රියදුරු විසින් එය ප්‍රපාතයට යාම වැළැක්වීම සඳහා   බස් රථය වේල්ල දෙසට ධාවනය කර තිබෙන බවයි අප වාර්තාකරු කියා සිටියේ.