විදුහල්පති හා ගුරු සංගම් එකමුතුවෙන් ජනපතිට ලිපියක් (වීඩියෝ)

Thursday, 26 November 2020 - 19:34

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94++%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ලබන වසරේ ජනවාරි දක්වා දිවයිනේ සියළුම පාසල් වසා දැමීමට පියවර ගන්නා ලෙස විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.      

විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙම අවස්ථාවේ සේවයට වාර්තා කරන්නේ ඔවුන්ගේ රැකියාව ආරක්ෂා කර ගැනීමට මිස කොරෝනා වසංගතයට බිය නොමැතිකම නිසා නොවන බවයි ඔවුන් අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ.

මේ අතර, පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද අදහස් දක්වා සිටි අතර ඔහු කියා සිටියේ ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට ආරම්භ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ තීරණයක් ගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories