පහසුකම් නොමැති බවට මාධ්‍යයට කරුණු කී, සුවසැරියේ 3 දෙනෙකු සේවයෙන් නෙරපයි (වීඩියෝ)

Thursday, 26 November 2020 - 19:37

%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%93%2C++%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා ආසාදිතයින් රෝහල් වෙත රැගෙන යාමට යොදාගන්නා සුවසැරිය ගිලන් රථ සේවකයින්ට පහසුකම් නොමැති බවට චෝදනා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ එම ගිලන් රථ සේවක සංගමයේ සාමාජිකයින් තිදෙනාගේ සේවය අත්හිටුවා තිබෙනවා.

එලෙස සේවයෙන් ඉවත් කර ඇත්තේ 1990 සුවසැරිය සේවක සංගමයේ සභාපතිනි, උපසභාපති සහ උපලේකම් යන අයගේ සේවයයි.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ සුවසැරිය පදනමේ කළමනාකාරීත්වය විසින් තමන් ඇතුළු තිදෙනාගේ සේවය අත්හිට වූ බවට දැනුම් දුන් බවයි අද(26) දිනයේ හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් සුව සැරිය සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්‍රියංගිකා වීරසිංහ කියා සිටියේ.

කෙසේ වෙතත්, මොවුන් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් 1990 සුවසැරිය සේවා පදනම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ආයතනයේ නීති උල්ලංගණය කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් මෙම සේවකයින්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බවයි.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව හරහා සදහන් කළ චෝදනා ප්‍රතික්ෂේප කරන සුවසැරිය පදනම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ සිය ආයතනයේ සියළුම සේවකයින්ට නියමිත පරිදි ආරක්ෂක උපාංග සපයා ඇති බව ද සදහන් කරනවා.

එමෙන්ම, සිය ගිලන් රථ සියල්ල හොඳ තත්ත්වයෙන් පවතින බව සහ ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියේ ආයතන මගින් නඩත්තු කරන බවයි සුවසැරිය පදනම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.