කොරෝනා වැළදීමෙන් සුඩානයේ හිටපු අගමැතිවරයෙකු මරුට

Thursday, 26 November 2020 - 20:29

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A++%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සුඩානයේ හිටපු අගමැතිවරයෙකු වූ සදික් අල් මහඩි කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සුඩාන හිටපු අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් 21 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව මීට පෙර හඳුනාගෙන තිබුණා.

මිය යන විට 84 හැවිරිදි වියේ පසුවූ සදික් අල් මහඩි 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories