අන්තර්ජාලයෙන් මහවිරු සැමරුම් කළ, 4ක් අත්අඩංගුවට (වීඩියෝ)

Friday, 27 November 2020 - 9:39

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%2C+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මහවිරු සැමරුම් සිදු කිරීම තහනම් කර තිබියදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරාවුර් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති මොවුන් චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, යාපනය - චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශය තුළ ද මහවිරු සැමරුම් හෝ ත්‍රස්ත සැමරුම් පැවැත්වීම තහනම් කරමින් චාවකච්චේරි මහේස්ත්‍රාත් ගජනිධි බාලන් ඊයේ  නියෝගයක් නිකුත් කළා.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුවයි.

එමෙන්ම, මීට පෙර යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මුලතිව් අධිකරණ මගින් ද සැමරුම් තහනම් කරමින් නියෝග නිකුත් කර තිබුණා.

මේ අතර, වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදෙන අද දින සිහි කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංකේතාත්මක පුෂ්පය ලෙස සැලකෙන නියගලා මල සහ එම සංවිධානයේ වීරත්වය උද්දීපනය වන වැකි බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ලේ ප්‍රක්ෂේපණය කිරීමට එරට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් කටයුතු කර තිබූ බව ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මහවිරු සැමරුම් මෙරට තුළ සිදුකිරීමට කිසිදු අවස්ථාවක් ලබානොදෙන බවයි.