වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය වජිර දිසානායක පත්කරයි

Friday, 27 November 2020 - 15:59

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%80%E0%B6%A2%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක පත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි අප කළ  විමසීමකදී ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් මීට පෙර පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර, එම කමිටුවේ නිර්දේශවලට අනුව හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඉවත් කර නව සභාපතිවරයා පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කමිටුව වෛද්‍ය සභාවේ ප්‍රධාන කරුණු පහකට වරදකරු ලෙස මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුලු සාමාජිකයින් කිහිපදෙනෙකු නම් කර ඔවුන් වහාම වෛද්‍ය සභාවෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කර ඇති බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories