සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

Saturday, 28 November 2020 - 7:50

%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
එළඹෙන සඳුදා සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඊට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇති බවයි එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක සඳහන් කළේ.

ඊට අදාළ සාකච්ඡාවක්ද ඊයේ පැවති අතර, ඉන් අනතුරුව ඔහු මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා.

මේ අතර, අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.