ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතියේ ප්‍රධානියා ඝාතනය කෙරේ (වීඩියෝ)

Saturday, 28 November 2020 - 9:22

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉරානයේ බෝම්බ පියා ලෙස බටහිර රටවල් විසින් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන එරට ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වන මොසේන් ෆක්රිෂීඩ් ටෙහෙරාන් අගනුවර ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඒ, ඔහු සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදියි.

ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය කියා සිටියේ ප්‍රහාරය එල්ල කළ පිරිස මොහුට වෙඩි තැබීමට පෙර බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවයි.

ප්‍රහාරකයින් සහ මොහුගේ ආරක්ෂකයින් අතර එහිදී වෙඩි හුවමාරුවක් ද සිදුව තිබෙනවා.

එහිදී ප්‍රහාරය සදහා පැමිණි 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයාගේ ආරක්ෂකයින් 6 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.

ඉරානයේ රහස්‍ය න්‍යෂ්ටික අවි වැඩසටහනේ ප්‍රධානියා වන්නේ ද මොහුයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ මෙම ඝාතනය ඊශ්‍රායලයේ සහය ඇතිව සිදුව ඇති බවයි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ සහ ඊට ආධාර අනුබල දුන් සියළු දෙනාගෙන් අනිවාර්යෙන් පළි ගන්නා බව ඉරාන විප්ලවීය හමුදාවේ අණ දෙන නිලධාරීවරයා සදහන් කර තිබෙනවා.