පාසල් දරුවන්ගේ මව්පියන්ට වසංගත රෝග විද්‍යා ඒකකයෙන් දැනුම්දීමක්

Saturday, 28 November 2020 - 12:32

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් 19 ආසාදිතයෙකු හෝ නිරෝධායනය වන පුද්ගලයෙකු නිවසේ සිටීනම් එම නිවෙස්වල දරුවන් පාසලට එවීමෙන් වැළකිය යුතු බව වසංගත රෝග
විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, කොවිඩ් වසංගතය හමුවේ පාසල් පද්ධතිය පවත්වාගෙන යාම ජයගත හැකි අභියෝගයක් බවයි.

මේ අතර හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මින්නේරිය ජාතික පාසලේ දරුවන් ඊයේ නිවෙස් වෙත හරවා යැවීමට පියවර ගැණුනා.

කෙසේ වෙතත් එම පාසලේ විදුහල්පති ඩී.එම්. රණවීර මහතා සඳහන් කළේ, සඳුදා සිට පාසලේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බවයි.

මේ අතර හුදෙකලා කර ඇති රාගම - බටලන්ද වත්ත ප්‍රදේශයේ ජනතාව සහන නොලැබුණු බවට චෝදනා කරමින් අද විරෝධතාවක නිරත වුණා.

රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත්වී ඔවුන්ගේ ගැටලුවලට විසඳමු ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියා.

කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකළා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ
ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණේ.