හුදකලා කෙරුණු අටළුගම ප්‍රදේශවාසීන් PCR පරීක්ෂණ මඟ හරී (වීඩියෝ)

Saturday, 28 November 2020 - 19:39

%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+PCR+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%BB%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දැනට හුදකලා කර ඇති බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ ඇතැම් පිරිස් පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී නොසිටින බවට වාර්තාවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් ලැබී තිබියදී පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී නොසිටින පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවයි.

බණ්ඩාරගම - අටලුගම ප්‍රදේශවල ජනතාව ඔරු සහ පාරු උපයෝගී කරගනිමින් කිරිමන්තුඩාව ප්‍රදේශයෙන් බොල්ගොඩ ගඟ හරහා වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම වැළැක්වීමට නාවික හමුදාව විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර, නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට ඩ්‍රෝන යානා යොදාගනිමින් අද (28) විශේෂ නිරීක්ෂණ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories