ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානතම විද්‍යාඥයා ලෙස සැලකෙන මොෂින් ෆක්රිසඩේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේදී ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු මැදපෙරදිග දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති වී තිබෙනවා.
ඉරාන ජනාධිපති හසාන් රවුහානි ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ඍජුවම චෝදනා කළ අතර, ඉරානයේ අධ්‍යාත්මික නායක අයොතොල්ලා කමේනි කියා සිටියේ ප්‍රහාරයට නියත වශයෙන්ම ප්‍රතිචාර දැක්විය යුතු බවයි.
මේ අතර, ලොව විශාලතම යුද නෞකාවක් ලෙස සැලකෙන න්‍යෂ්ටික බල ගැන්වූ යූ.එස්.එස්. නිම්ට්ස් නෞකාව ඇතුළු ඇමරිකානු යුද නෞකා පෙලක් ගල්ෆ් කලාපයට නැවත පැමිණ තිබෙනවා.
කෙසේ නමුත්, ඇමරිකානු පස්වන නාවික බල සේනාංකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එය කිසිදු තර්ජනයක් හේතුවෙන් ගනු ලැබූ පියවරක් නොවන බවයි.
ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික විද්‍යාඥ මොෂින් ෆක්රිසඩේ ඝාතනයෙන් පසු මැද පෙරදිග මතු වී ඇති උණුසුම් තත්ත්වය පිළිබඳව ජගත් සංවිධානය ඊයේ නිවේදනයක් නිකුත් කළා.
එහි ප්‍රකාශකයා සියලු පාර්ශවයන් වෙතින් ඉල්ලා සිටියේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි.