ඇෆ්ගනිස්ථානයේ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් 30 දෙනෙකු ජිවිතක්ෂයට

Sunday, 29 November 2020 - 14:08

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+30+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ඝස්නි ප්‍රාන්තයේ නගරාශ්‍රිතව අද එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. මෙම මෝටර් රථ බෝම්බ ප්‍රහාරයට ඉලක්ක කරගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථාන ආරක්ෂක භටයින් පිරිසක්.

ප්‍රහාරයේදී තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථය ඝස්නි නගරයේදී පුපුරුවා හැර ඇති බවයි.

ඇෆ්ගනිස්ථාන හමුදා සහ තලෙයිබාන් සංවිධානය අතර, මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් ගැටුම් වාර්තා වුවද, දෙපාර්ශවය අතර සාම සාකච්ඡා ක්‍රියාත්මකවද්දී, ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.