ඉන්දියාව පැරදුණු තරඟය මැද, ඉන්දීය තරුණයා පෙම්වතියට කළ විවාහ යෝජනාව (වීඩියෝ)

Sunday, 29 November 2020 - 17:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද සිඩ්නි ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 390ක දැවැන්ත ඉලක්කයක් ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට තරඟය පරාජය වන්නට සිදුවන්නේ සිය පන්දුවාර 50 තුල එම ඉලක්කය පසුකර යෑමට නොහැකි වීම හේතුවෙන්.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී ලකුණු 389කට ඉන්දීය ඉනිම සීමාවනවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ඕස්ට්‍රේලියාව ජය ගන්නේ අද තරඟය ලකුණු 51කින් ජය ගැනීමත් සමඟයි.

මේ අතර ඉන්දියානු පිළිතුරු ඉනිමේදී සිදුවූ අපූරු සිදුවීමක් පිළිබද මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

ඒ තරඟය නැරඹීමට පැමිණ සිටි ඉන්දීය ජාතික තරුණයෙක් විසින් සිය ඕස්ට්‍රේලියානු ජාතික පෙම්වතියට විවාහ යෝජනාවක් කරන අවස්ථාවක්.

මේ අතර ප්‍රේක්ෂකාගාරයේ සිදුවූ මෙම සුවිශේෂී සිදුවීම දකින පිටියේ පන්දු රකිමින් සිටි ග්ලේන් මැක්ස්වෙල් අත්පොලසන් දෙමින් ඔවුන් දෙදෙනාට සුබ පැතීමද තරඟය නරඹන්නන්ගේ අවදානයට යොමුවූ තවත් සුවිශේෂී අවස්ථාවක්.