මෙරට කොරෝනා මරණ 116ක් දක්වා ඉහළ නගී (වීඩියෝ)

Sunday, 29 November 2020 - 21:36

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+116%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%9C%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අද (29) දිනය තුල මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 07ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අද (29) තවත් කොවිඩ් 19 අසාදිතයින් 496 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 23,484ක් දක්වා ඉහළ ගියා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 19,906 ක් ලෙසයි.

අද (29) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 346 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ථ සංඛයාව 17,000 ඉක්මවා ගියා.



අද දිනය තුල වාර්තා වූ කොවිඩ් 19 මරණ පිළිබද විස්තර පහතින්.