මහර බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් 06 දෙනෙකු මරුට - නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 37 දෙනෙකු රෝහලේ - විමර්ශනයටත් කමිටුවක්

Monday, 30 November 2020 - 6:21

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+06+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+37+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 06 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊයේ පස්වරුවේ හටගත් මෙම නොසන්සුන් තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.  

මෙම නොසන්සුන්තාවය හට ගෙන තිබුණේ, මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කියා සිටියේ.

 තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවනු ලැබුවා.

නොසන්සුන්තාව අතරතුර මහර බන්ධනාගාරයේ විශාල ගින්නක් ද හටගෙන තිබුණා. එම ගින්න නිවීම සඳහා ගිනි නිවිමේ රථ 06 ක් පමණ යෙදවීමටයි කටයුතු කර තිබුණේ. ගම්පහ ගිනි නිවිම් ඒකකයේ රථවලට අමතරව, නාවික හමුදාවේ මෙන්ම කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවිමේ රථ ද එලෙස යොමු කර තිබුණා.

මේ අතර, බන්ධනාගර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරීමට අමාත්‍යංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බවයි. එසේම මෙය සැලසුම් සහගතව පළායාමේ උත්සාහයක් බවද ඇය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.