මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරි තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළට

Monday, 30 November 2020 - 10:24

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+8+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මහර බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූවන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටි අයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

තුවාලකරුවන් 58 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් 8 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ප්‍රකාශ කළේ.