ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, දෙමළ සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් හමුවෙයි

Monday, 30 November 2020 - 12:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දිවයිනේ සංචාරයක නිරත වූ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හමුවී තිබෙනවා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා දිවයිනට පැමිණියේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින අතර ත්‍රෛයි පාර්ශවික - ආරක්ෂක සහයෝගිතා සංවාදයකටයි. සිය සංචාරයේ අවසන් අදියර ලෙස ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා මුණ ගැසුණු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී ඊයේ එම සාකච්ඡාව පැය භාගයකට ආසන්න කාලයක් පැවති බවයි හින්දු පුවත්පත සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය මෙන්ම, උතුරු නැගෙනහිර තත්ත්වය පිළිබඳව ඔවුන් අතර අදහස් හුවමාරු වී තිබෙනවා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මුණ ගැසුණා. ඔහු ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories