නයිජීරියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 110 දෙනෙකු මරුට

Monday, 30 November 2020 - 12:53

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+110+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයකට සති අන්තයේ එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 110 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ජගත් සංවිධානය පවසනවා.

එහි සිටින එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකරණ නියෝජිතයා සඳහන් කරන පරිදි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ බොකෝ-හරාම් ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කල්ලිය විසින්.

මෙවැනි ප්‍රහාර නිරන්තරයෙන් වාර්තා වන බෝනෝ ප්‍රාන්තයේ මයිඩුගුරි නගරය ආසන්නයේ පිහිටි කොෂෝබේ ගම්මානයටයි ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

එහිදී සන්නද්ධ පිරිස් එහි වී ගොවිතැන් කටයුතුවල නිරතව සිටි සිවිල් වැසියන් රැගෙන ගොස් දෑත් බැඳ ගෙල කපා ඝාතනය කර ඇති බව සඳහන්.