අනිද්දා, නැගෙනහිර වෙරළට ඇතුලු විය හැකි සුළි කුණාටුවක බලපෑම හේතුවෙන්, හෙට සිට යළි දැනුම්දෙනතුරු කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදේ ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ඉදිරි පැය 24 ක කාලය ඇතුළත සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි.
ඒ අනුව, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 ත් 100 ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.