මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා වෙන් කර ගැනීමට නව දුරකථන අංකයක්

Monday, 30 November 2020 - 16:19

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා වෙන් කර ගැනීම සඳහා නව දුරකථන අංකයක් හදුන්වාදී තිබෙනවා.

පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම කාර්යාලවලින් සේවා ලබා ගැනීම සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු අතර, සේවාලාභීන් පත්වන අපහසුතා අවම කිරීම සඳහා මෙම නව දුරකථන අංකය හඳුන්වාදෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අනුව 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාම සේවා වෙන් කර ගැනීමේ පහසුකම් අද (30) සිට ලබා ගත හැකි වනවා.

මේ අතර, කොරෝනා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය නියමිත සෞඛ්‍ය උපදේශයන්ට අනුකූළව හෙට  සිට යළි මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories