මහර බන්ධනාගාර සිද්ධිය ගැන, පොලිස්පතිගේ උපදෙස් මත CID ය විමර්ශනයක් ආරම්භ කරයි

Monday, 30 November 2020 - 18:10

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+CID+%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට උපදෙස් ලබාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ බන්ධනාගාරයේ මෙහෙයුම් නැවත ආරම්භ කළ බවයි.

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේදී එහි ලේඛනාගාරය, සිරමැදිරි කිහිපයක්, ආහාර ගබඩාව, බන්ධනාගාර අධිකාරි හා සහකාර අධිකාරි කාර්යාල මෙන්ම භෝජනාගාරය ද ගින්නෙන් විනාශ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

එහිදී ඔහු සඳහන් කළේ අපරාධ සම්බන්ධ පිරිස් සාමුහිකව එක්ව මෙම ගැටුම නිර්මාණය කර ඇති බවට ද තොරතුරු වාර්තා වන බවයි කොළඹ අද (30)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

 එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ පරිපාලනමය වශයෙන් ද යම් කාරණයක් මෙම ගැටුමට මුල්වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.

මහර බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ 63 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඒ අතුරින් 15 දෙනෙකුට ශල්‍යකර්ම සිදුකළ බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

එමෙන්ම, රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි අදහස් දක්වමින් කියා සිටියේ රෝහල් ගත කළ රැඳවියන් අතරින් 48 දෙනෙකුට කළ පරීක්ෂණවලින් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බවයි.

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මේ අතර, නඩු කටයුතු කඩිනම් කරන ලෙස හා ඇප ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු එම බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට නැග විරෝධතාවක නිරත වනවා.

පොලීසිය පැවසුවේ මෙම රැඳවියන් හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ පසුවන්නන් බවයි.