මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යූ. ආර්ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරුන්.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා.