සුවසැරිය පදනමේ නිවේදනය (වීඩියෝ)

Monday, 30 November 2020 - 19:08

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


තම ගිලන් රථ සේවාවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් එල්ල වන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සුවසැරිය පදනම පවසනවා.

එහි සභාපති දුමින්ද රත්නායකගෙන් අත්සනින් නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ දහස් ගණනක් සේවකයින් අතරින් තිදෙනෙකු පමණක් ගිලන් රථ සේවය පිළිබඳ පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවයි.

සුවසැරිය ගිලන් රථ සේවාව වෙනුවෙන් 1500 කට අධික කාර්ය මණ්ඩලයක් සේවය ලබාදෙන අතර එම සේවකයින්ගේ උපරිම සෞඛ්‍යාරක්ෂාව සැලසෙන පරිදි කටයුතු කර ඇති බව ද සුවසැරිය පදනම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

පවතින කොවිඩ්19 වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ හා අත්වැල් බැඳ ගනිමින් තම සේවය සෞඛ්‍යාරක්ෂිතව හා කාර්යක්ෂම ඉටු කරන බව සඳහන් කරන සුවසැරිය පදනම තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවලට අනුව සිය සේවකයින් සඳහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටලවලට අමතරව, ආරක්ෂිත කණ්නාඩි, මුහුණු ආවරණ, අත්වැසුම් සහ රබර් සපත්තු පවා ලබාදී ඇති බවයි.

හදිසි අවස්ථාවකදී අදාළ ප්‍රදේශයට ළගා වීමේ කාලය අතින් ජාත්‍යන්තර මට්ටම හා සමව සිටීමට සුවසැරිය ගිලන් රථ සේවාවට හැකිවී තිබෙන බව ද පෙන්වා දෙන එම පදනම තවදුරටත් දක්වා ඇත්තේ ඉදිරියේදී ද තම සේවාව ජනතාව වෙනුවෙන් වඩාත් සංවිධානාත්මකව කැපවීමට සූදානම් බවයි.

මේ අතර, සුවසැරිය ගිලන් රථ සේවාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories