සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩුවේ (වීඩියෝ)

Monday, 30 November 2020 - 19:20

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වාර්තා වීමේ ප්‍රවණතාවයේ අඩුවක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අද දිනයේදී තවත් ආසාදිතයින් 178 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23,662 දක්වා ඉහළ ගියා.

අද හඳුනා ගත් ආසාදිතයින් මීට පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

එසේම, ආසාදිතයන් 558 දෙනෙකු අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 17,560 ක්.

එසේම, කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මොරොන්තුඩුව සහ මිල්ලනිය පොලිස් ස්ථාන දෙකට අනුයුක්තව සේවය කළ 80 කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, අද හුදෙකලා බවින් ඉවත් කෙරුණු කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ජනාකීර්ණ ස්වභාවයක් දක්නට ලැබුණු අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එසේම, අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශයද දැඩි සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පියවර ගෙන ඇත්තේ එම ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories