කොරෝනා නිසා අප්‍රිකාවේ, මැලේරියා මරණත් ඉහළට

Monday, 30 November 2020 - 19:23

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අප්‍රිකානු උප සහරා කලාපයේ මැලේරියා මරණ, කොවිඞ් 19 වසංගතයෙන් මියයන සංඛ්‍යාව අභිබවා යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පසුගිය වසරේදී ලොව පුරා හාරලක්ෂ 9000 ක් ජනයා මැලේරියා වසංගතයෙන් මියගියා. ඉන් 20,000 ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් අප්‍රිකානු උප සහරා කලාපයෙන් වාර්තා වීම විශේෂත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධාන මැලේරියා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ පෙඩ්රෝ අලොන්සෝ ප්‍රකාශ කළේ කොරෝනා වෛරස් වසංගතය නිසා සේවා අඩපණවීමෙන් මේ වසරේදී ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මැලේරියා රෝගයට ගොදුරු විය හැකි බවයි.