ඇමසෝන් වනාන්තරයේ විනාශය වේගවත් වෙයි

Tuesday, 01 December 2020 - 9:09

%E0%B6%87%E0%B6%B8%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බ්‍රසීලයේ ඇමසෝන් වැසි වනාන්තරය මේ වනවිට 2008 වසරෙන් පසු දරුණුතම වන විනාශයට ගොදුරුවන බව අනාවරණය වනවා.

බ්‍රසීල අභ්‍යවකාශ ආයතනය සඳහන් කරන පරිදි පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා ඇමසෝන් වනාන්තරයේ බ්‍රසීල කොටසේ වර්ග කිලෝමීටර් 11,088 ක් වන විනාශයට ගොදුරු වී තිබෙනවා.

එය පෙර වසරට වඩා 9.5% ක වර්ධනයක් ලෙසයි සැලකෙන්නේ.

ගෝලීය උණුසුම පාලනය කිරීමට ඇමසෝන් වනාන්තරයේ කාබන් සංචිතය වැදගත් සම්පතක්. කෙසේ නමුත්, පසුගිය වසරේ ජනවාරි මාසයේ ජනාධිපති ජයිර් බොල්සොනාරෝ බලයට පැමිණීමෙන් පසු ඇමසෝන් වනාන්තරයේ හානිය වේගවත් වී ඇති බව විද්‍යාඥයින්ගේ අදහසයි.