ලොව වායු දූෂණයෙන් ඉහළම නගරය පාකිස්තානයේ ලාහෝර්

Tuesday, 01 December 2020 - 10:52

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B8+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A
පාකිස්තානයේ සංස්කෘතික අගනගරය ලෙස සැලකෙන ලාහෝර්, ලොව වායු දූෂණය ඉහළම නගරය ලෙස යළි නම් කර තිබෙනවා.

අමෙරිකානු වායු ප්‍රමිති දර්ශකය මගින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි එහි පී.එම්. හෙවත් අංශුමය දූෂක දර්ශක අගය 423 ක්.

පාකිස්තානයේ මූල්‍ය අගනගරය වන කරච්චියද එම දර්ශකයේ 07 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ලොව වායු දූෂණයෙන් දෙවන තැන සිටින්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවරයි. එහි වායු දූෂණ දර්ශක අගය 229 ක් වන අතර එම අගය 178 ක් වන නේපාලයේ කත්මණ්ඩු නුවර 03 වන ස්ථානයට නම් කර තිබෙනවා.

මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය නම් කර ඇත්තේ වායු දූෂණය වැඩිම නගර අතරෙන් 612 වන ස්ථානයටයි. එය ශ්‍රී ලංකාවේ වායු දූෂණය අවම මට්ටමක පවතින බව පිළිඹිඹු කරන්නක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories