ඉදිරි සති කිහිපය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කොරෝනා එන්නත් දෙකක් බෙදා හැරීම ආරම්භ කිරීමට පියවර ගනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ඇමෙරිකානු මොඩර්නා එන්නත සහ ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත මේ වනවිට සාර්ථකත්වය තහවුරු කර අවසන්.
ඒ අතුරෙන් මොඩර්නා එන්නත ඇමෙරිකානු සහ යුරෝපීය ඖෂධ නියාමනයේ අනුමැතිය සඳහා ද යොමුකර තිබෙනවා.
අදාළ එන්නත් දෙකට ලැබෙන අනුමැතිය අනුව, ඉන් මාත්රා මිලියන 40 ක් මේ වසර අවසන් වීමට පෙර නිපදවීමට නියමිතයි.
එක් පුද්ගලයෙකුට කොවිඞ් 19 එන්නත් මාත්රා දෙකක් ලබාදිය යුතු නිසා එය මිලියන 20 ක් ඇමෙරිකානුවන්ට කොරෝනා වෛරසයෙන් පූර්ණ රැකවරණය ලබාදීමට සමත් වනු ඇති.