සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 18 වනදා දක්වා කල් දමා තිබුණා.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එය එදිනට පැවැත්විය නොහැකි අතර, විභාගය පැවැත්වෙන නව දිනය එය පැවැත්වීමට සති 6 කට පෙර ප්‍රකාශයට පත් කරන බවයි.