ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 31,000ක්

Tuesday, 01 December 2020 - 17:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+31%2C000%E0%B6%9A%E0%B7%8A
අද(01) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 31,118 ක් හමුවීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව අනූහතර ලක්ෂ 62,000 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, ඊයේ සිදුවූ කොරෝනා මරණ 482 ක් සමග ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ 37,621 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ආගමික උත්සව සමය පැවතුන ද දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය නොවැම්බර් 7 වනදා සිට 50,000 කට අඩු අගයක් ගන්නා බවයි.

මේ අතර, ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ නිසා එළඹෙන සති අන්තයේ පැවැත්වෙන බහරේන ග්‍රෝන් ප්‍රී මෝටර් රථ ධාවන තරගාවලියට ඔහු සහභාගි නොවන බව සඳහන්.