මහර සිද්ධියෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 11 දක්වා ඉහළට (වීඩියෝ)

Tuesday, 01 December 2020 - 17:50

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+11+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා සැලසුම් ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ අදාළ සැලසුම ලබන සඳුදා වන විට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දන්වා ඇති බවයි.

මේ අතර, මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධිය හේතුවෙන් තුවාල ලබා සිටින සංඛ්‍යාව මේ වනවිට 117 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

එසේම, මෙම සිද්ධියෙන් අද තවත් රැඳවියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර ඒ අනුව සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වූ රැඳවියන් සංඛ්‍යාව ද 11 දක්වා ඉහළ යනවා.

මේ ඒ සම්බන්ධයෙන් සහ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.

බන්ධනාගාරයේ තත්ත්වය සම්පුර්ණයෙන්ම සාමකාමී බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළ බවයි.

මේ අතර, රෝහල් ගතව සිටින රැඳවියන් අතරින් 38 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රාගම ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාලන අංශය භාර බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක අදහස් පළ කළා.

මේ අතර, මහර බන්ධනාගාරය ආශ්‍රිත ප්‍රදේශවල අද දිනයේත් රැඳවියන්ගේ ඥාති හිතවතුන් එක්ව සිටි අතර, පසුව, එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එම පිරිස් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව, මහර බන්ධනාගාරයට අවතීර්ණ වන මාර්ගය වසා දැමීමට ද බලධාරින් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, පසුගියදා සිද්ධිය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී සංවාදයක් හට ගත්තා.

මේ එහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය අලී සබ්රි සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන.