දෙවනගල විහාරාධිපති හිමි සසලව කී කතාව (වීඩියෝ)

Tuesday, 01 December 2020 - 21:09

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B7%83%E0%B6%BD%E0%B7%80+%E0%B6%9A%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මාවනැල්ල දෙවනගල ඓතිහාසික පුදබිමේ ඉඩම් කොල්ලය සංම්බන්ධයෙන් වාර්තාකිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්ව විරෝධය පළ කරනවා.

මේ අතර විහාරස්ථානයේ පළමු මැනුමේ තොරතුරු ඇතුළත් ලිපිය,යම්කිසි අදිසි හස්තයක  මැදිහත්විම් මත මේ දක්වා තමන් වහන්සේට ලැබී නොමැති බවට දෙවනගල විහාරාධිපති හිමියන් චෝදනා කරනවා.

දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිතව සිදු කෙරෙන අනවසර ඉදිකිරිම් සහ ඉඩම් කොල්ලයන් සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ. හරහා ඊයේ නැවතත් වාර්තා කලා.

එම සිදුවීම වාර්තා කිරීමට ගිය හිරු ටී.වී හෙම්මාතගම ප්‍රදේශීය වාර්තාකරු සමන් විජයබණ්ඩාර මහතාට එහිදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

මෙම සිද්ධියේදී තමන් වහන්සේටද හිරිහැර කළ බවට චෝදනා කරමින් දෙවනගල විහාරාධිපති හිමියන් අද මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කලා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා විහරස්ථ දායක සභාව අද(01) පෙරවරුවේ රැස්වුණා.

එහිදී දෙවනගල විහාරාධිපති හිමියන් සංවේදී වූයේ මෙලෙසින්.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට මහ සංඝරත්නය අද දෙවනගල පුදබිමට වැඩම කළා.

එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ මාධ්‍ය සංවිධානද විරෝධය පළ කරනවා.